Friday, February 26, 2016

බතලේගල

දින තුනක දිර්ඝ නිවාඩුවට(2016 පෙබරවාරි 20 21 22) පොලොන්නරු යාමට සිටියත්, ඒ ගමන අතරමග නැවතුනේ පොලොන්නරු යන එක සගයෙක් බතලේගල යාමට නියමිත බව අමතක වි පොලොන්නරු ගමන යොදාගෙන තිබූ බැවිනි. කෙසේ වෙතත් සිදුවූ වචන වැරද්ද නිවැරදි කරගනිමට දෝ මා හටත් බතලේගල යාමට ආරාධනාවක් ලැබී තිබුනේ මොටර් රථයේ එක් අයකුට යාමට ඒ වනවිටත් අසුනක් ඉතුරු වූ බැවිනි.

මෙවර චාරිකා සටහන

ස්ථානය :-  බතලේගල
කොළඹ සිට දුර යාමට හා ඒමට :- ආසන්ව කිමි 200(කොළඹ->මාවනැල්ල->බතලේගල )
නැරඹිය හැකි දේ :-  බතලේගල කන්ද



කන්ද පාමුල සිට කොන්ක්‍රිට් කරන ලද පාරක් ඇතත්, පාමුල සිට කන්ද මුදුනට ඇත්තේ තැනින් තැන කැඩි ගිය පඩි සහිත අතිදුෂ්කර නමුත් සුන්දර වටපිටාවක් සහිත මාර්ගයකි. වර්ෂ 1997 දි පමණ සැදූ ආවාස ගෙයක් සහිත පන්සල දැන් අභාවයටම ගොස්ය. චෛත්‍ය සහිත මලුවේ තණකොල වැවි ඇත. හැකි පමණ උදුලු ගා දැමිමට අපි කණ්ඩායමද අමතක නොකලෙමු. අප කන්ද මුදුනට ලඟාවන විට සවස් වි තිබුණද. වෙනත් කණ්ඩායමක් එහි ලඟා වි නොසිටි නිසාම හොඳම ස්තානය අප අත්පත් කරගත්තෙමු:D 

යකඩ ආවරණයක් සහිත සිරිපතුල සඳහා රු 100 ක් කවුලුව අතරින් දැමුවද, පසුදා පහන් වන විට එහි තිබූ බෝහෝ මුදල් අතුරුදහන් වී තිබුණි. අප හැර එහි, කෑගල්ල ස්වර්ණජයන්ති පාසලේ සිසුන්ද, තවත් ගමේම කණ්ඩායමක්ද පැමිණියේය. 

ගමනට සහභාගි වූ , නිශ්, තිසර, අමිල, කැලුම් , අරුණ හා චානුකටද , ඡායාරූප අනුග්‍රහ කැලුම් මහාතාටද  ස්තුතියි ඉතා රසවත්ව රෑ ආහාර වේලද පසුදා පරිප්පු ලූණු සම්බල් සමඟ පාන්ද සාදා දුන් අයට පින්ය. 

තිසර මහතාගේ  gopro එක නැතිවීම ගමනේ අමතක නොවන සිදුවිමකි එකම දුක නම් එයින් ගත් සෙල්ෆීය නැතිවීමයි:D . ගිනිමැලයට අවට තිබූ ඉටිකොල එක් කලෙමු:D ගෝවින්ද හෙළ හා රිටිගල යාමට ඔනෑකම ඇති ස්ථාන දෙකකි. 



11 comments:

  1. Replies
    1. වැඩිදුර තොරතුරු :- ලින්කු දැම්මේ ඒකයි .... ලියපු දෙයක් ලියන්න කම්මැල්ලියි

      Delete
    2. පොළොන්නරු යන්න හිතන් ඉන්නවා... යන්නොනි... ^_^ ගුගල් ලොකේෂන් වගේ දාන්න පුළුවන්නන් සෝක් ඈ ^_^

      Delete
    3. ඒකත් මරු අදහස.. ඒත් මම හිතන්නේ මැප් එකේ සර්ච් කරපු ගමන් එනවා

      Delete
  2. සල්ලි නැතිවීමට හේතුවත් යන්ඩප්‍රෝ නැතිවීමටත් හේතු අන්‍යෝන්‍ය ලෙස බහිෂ්කාරද?

    ReplyDelete
    Replies
    1. හා හා ඒක මරු අදහස ..අපිට හොරා යන්ප්රෝ එකේ අයිති කාරයා ඒ වැඩේ කලාද මන්දා @තිසර :DDD

      Delete
  3. යන්න ඕන ස්ථනයක්

    ReplyDelete
  4. ritigala ganath subawaadi uttarayak labuna
    Hathi arala yamu.

    ReplyDelete

දානිගල | Alien Mountain

මෙවර චාරිකා සටහන දිනය  :- 2017/08/19-20  ස්ථානය  :-  දානිගල  | Alien Mountain කොළඹ සිට දුර යාමට හා ඒමට  :- ආසන්ව කිමි 500(කොළඹ->පොලො...