අවංකෙන් ගත්තොත් මං හිතුවා චම්පික මහත්තයා පොදු අපේක්ෂකයා වෙලා එයි කියලා. ඒක කිසි දවසක හැබෑ වන හීනයක් නොවන වගත් හොඳටම මම දැනං හිටියා. ඒත් මට පට්ට සතුටුයි. MY3 ගේ ප්රතිපත්ති ප්රකාශනය දැක්කම සමස්ථයක් විදිහට ගත්තාම ඒ ප්රතිපත්ති ක්රියාත්මක වෙන රටක් දාකින්න බොහොම කැමැතියි. ප්රතිපත්ති ප්රකාශනයයි, ඇත්තම වේදිකාවල කතා වෙන දේවලුයි සන්සන්දනය කරන්න මම කොහෙත්ම කැමැති නැති උනත්, රනිල්ගේ ප්රතිපත්ති හා චන්ද්රිකාගේ අදූරදර්ශ ක්රියාදාමයන්ට මෙහි ලැබිලා තියෙන්නේ බොහොම සුළු තැනක්. පරිච්ජේද 11 කින් සමන්විත මෙහි, වැඩිපුර දකින්නට ලැබෙන්නේ බොහොම වටින දේවල්, ඒ බෝහෝ කරුණු චම්පික මහත්තයා මේච්චර කාලයක් සමාජ ගත කරන්න හදපුවා. ඒ අතින් බැලුවාම මේක ක්රියාත්මක උනොත්, මම අපේක්ෂා කරපු වෙනස මෙතන තියනවා.
විධායක ක්රමය- මේක තමයි පොදු සන්ධානයේ ප්රබලම මාතෘකාව උනේ. රනිල් කියන්නේ විධායකය අහෝසි කරනවා කියලා, රතන හාමුදුරුවෝ කිව්වේ විධායකය අවුරුදු හයක් යනකල් MY3 ලඟ තියනවා කියලා. පරස්පරතා මඟ හරිමින් මේ ප්රකාශනයේ තියනවා, විධායකය සංශෝධනය කරලා එය අධිකරණයට යටත් කරනවා කියලා. අපි වගේ පොඩි රටකට විධායක හරිම වැදගත් කියන තැන මම එන්නේ, සිංහලයා සල්ලිවලට කෙල හලන ජාතියක් හින්දා, එහෙම බලපුවාම මේ ප්රතිපත්ති ප්රකාශනයේ සම්පූර්ණයෙන් ගැබ් වෙලා තියෙන්නේ රතන හාමුදරුවෝ කියපු එක.
ජාති හා ආගම් - මේක සංවේදි කාරනයක්. චන්ද්රිකා රනිල් කියන්නේ ලංකාවට ගැලපෙන්නේ නැති යූරෝපියන්ටත් වැඩිය පට්ට යූරෝපි කපල් එකක්. ඒ දෙන්නාගේ ජාතිය කියන්න මම දන්නේ නැහැ. ඒත් මම සිංහලයෙක් හින්දා මම මගේ ජාතියට ආදරෙයි. ජාතිය හා ආගම මත නිතිය වෙනස් නොවි හැමෝටම එක සමානව සලකනවා කියන්නේ. සිංහල ගැනියෙකුටත් බුර්කාව දාගෙන බැංකුවට යන්න පුලුවන් කියන එක කියලා මම හිතනවා :DDD
ඒකිය භාවය - ඍජුව කොහෙවත් සඳහනක් නැති උනත්, දැනට පවතින කිසිම දේයක් වෙනස් කරන්නේ නැහැ කිය ලා ශේප් න්යයනේ වැඩේ ගොඩදාලා තියනවා. අහිමි උන ඉඩං එහෙම දෙන එක ගැන බොහොම සතුටුයි, යාපනේ ඉඩම් අහිමි උන සිංහලයට ඒවා ලැබෙයි. ඒත් කොහෙවත් නැහැ තේසවලාමි නිතිය අහෝසි කරනවා කියන එක
කැරට් අල - නගර වල අන්තර්ජාලය නිකන් දෙනවා, මොටර් සයිකලේ ණය ආයිත් දෙනවා, සුරා සැල් අයින් කරනවා, වැටුප් වැඩි කරනවා, මත්කඩු අඩු කරනවා, බ්ලා බ්ලා
අවශේෂ කරුනු - අනික්වා බොහොමයක් එව්වා චම්පිකගේ අදහස්, බලශක්තිය, ජත්යන්තර පාසල්, බ්ලා බ්ලා බ්ලා ...
මට පුද්ගලිකව ලැබෙන ලාබය තමයි ඉතින් මේක ක්රියාත්මක උනොත් ඉන්ධන මිල අඩුවිම. මහින්ද මාමිගේ එකත් එනකල් බලං ඉන්නේ තීරණයක් ගන්න
වැප්