Monday, October 20, 2014

චිං චිං

ඔබ කොහොමටත් විශ්වාස කරන එකක් නැහැ මේ කියන්න යන කතාව. සමහර විට ඔබ හිතයි මේක ගොතපු කතාවක් කියලා, නැත්නම් කියයි කොහෙන් හරි අහපු කතාවක් කියලා. ඔබට වැරදිමක්. මේක නුදුරේදි සිද්ධ වීමට තිබේන එකම එක සත්‍ය කතාව. ඔබේ ජිවිතේදි හැමදාම ඇහැවේ/ බැලුවේ සත්‍ය කතා ඇසුරින් නිර්මිත නිර්මණයන්, නමුත් ඔබ කවදාවත් කියවා ඇතිද?  නුදුරේදිම සත්‍ය වන කතාවක්. එහෙනම් කියවන්න, එක හුස්මට කියවන්න. කම්මැලි කමක් නැතුව දිගටම කියවන් යන්න, අවසානයේදි තිබෙන්නේ ඔබ හිතන දේද කියාම?

ඇය පෙනුමෙන් යකඩ ගැහැනීයක්, උසට සරිලන මහතක් ඇති ඇය කොටද මහතද කියන්න මම දැනුවත් මදි නමුත් ඇයගේ ගමණ බොහෝම වේගවත්. ඔබ දැකලා ඇති පාරේ මිනියක් ගියදාට සමහරු බිම බලන් යන්නේ වැටිච්ච සතේ ගන්න. ඇයත් ඒ වගේ බිම බලාගෙන අපේ ගේ ඉස්සරහා පාරෙන් දුවනවා. මං බලං ඉන්න හින්දා විතරක්ද කියන සැකය දුරු උනෙ දවස් කිහිපයක් CCTV කැමාරවෙන් ඇයගේ සත්‍ය ගමන හොඳින් අධ්‍යයනය කරපු හින්දා. අපේ පාරේ ගෙවල් පහයි තියෙන්නේ. ඇය ඉන්නේ අපේ ගෙදරට පහල ගෙදරට පහළ ගෙදර. වැඩි කතා බහක් අනික් ගෙවල් සමඟ අශ්‍රයක් නැති ඇයගේ, රැකියව කුමක් කියලා ඔබ සිතනවාද? රජයේ සමන්‍ය සේවකයෙක්? පෞද්ගලික අංශයේ සුලු රැකියවක්?.. නැහැ ඔබ කවදාවත් එහෙම හිතන්නේ නැහැ කියලා මම දන්නවා. මොකද ඇය සමාජ ආශ්‍රයක් නැහැ කියන එකෙන්ම ඔබත් මාත් තේරුම් ගන්න ඕනේ ඇය කරන්නේ ඉහළ රැකියවක් බව. 

කතාව පහසු කරන්න මම ඇයට චිංචිං කියන්නම්. චිංචිං මහත්මිය මහබැංකුවේ මාණ්ඩලික නිලධාරිණියක් කියලා කිව්වේ අපේ ගෙදර ලැට් වල කපන්න ආපු අයියා. බ්ලොග් එක කියවන ඔබ හොඳකාරවම දන්නවා මම ඕපූ දූප හොයන්න එච්චර කැමැත්තක් ඇති පුද්ගලයෙක් නෙමෙයි කියලා. ඒ හන්දා මම කවදාවත් චිංචිංගේ විස්තරයක් හෙව්වේ  නැහැ. නමුත් ලැට් වල කපන්න ආපු අයියා කියපු විස්තරය අහපුවාම ඔබටත් හිතෙයි ඒ අයියා සුදුසු ගාමේ ග්‍රාම නිලධාරි කමට කියලා. මට මෙතන හැමදේම අකුරු කරන්න බැරි උනත් කෙටියෙන් කියනනම්. 

" මල්ලි ඔය ගැනී වැඩ කරන්නේ මහ බැංකුවේ. නෑයෝ ඉන්නවා අර මුඩුක්කු පාරේ. ඔය ඉඩම අරං දුන්නේ මම. මට ලක්ෂ දෙකක කොමිස් එකක් හම්බුනා. හැබැයි මල්ලි ගැණිගේ ලැට් වල කපන්න මට පොරෝන්දු වෙලා වෙන එකෙක්ට දුන්නා. එදා ඉදන් ඔය ගැණි මගේ මූණ බලන්නෙ නැහැ" 

ඉහත විස්තරය කියන ගමන් අපේ ලැට් වලෙන් ගොඩදාපු පස් ටික පාරට දාපු අයියා, ඈතිං යන චිංචිං දිහා බලලා තඩි කෙල තලියකුත් ගැහැව්වා. මට හිතාගන්න බැහැ ලැට් අයියාගේ කටට කෙල ඉනුවද? නැත්නම් ලැට් වලකපන්න නොදුන් නිසා  තරහට කෙල ගැහැව්වද කියලා. ඔබ මොකද ඒ ගැන හිතන්නේ?  කොහොමින් හරි චිංචිං නෝනා සෙනසුරාදාට කොට සායයි, නිල් හැට්ටයයි ඇඳන් යන්නේ සතියටම ඕන බඩු ටික ගේන්න කියන එක මට දැනිච්ච දෙයක්. ඒක ස්තීර කරගන්නම මම සෙනසුරාදාවල් කිහිපයක්ම කොහෙවත් උදේ වරුවේ ගියේම නැහැ.

"යකෝ ඔය පස්ටික තුනීකරපිය.කයිය ගහ ගහ ඉන්නේ නැතුව  දැන් අර ගෑනි මෙතනින් යන කොට ඔය පස් ටික තිබ්බොත්, තොපිට හුජ්ජ යන්න රවයි."  ඒ සද්දේ ආවේ ලැට් වලේ බඹ එකහාමාරක් යටින්. එතකට තමයි මට මතක් උනේ ෆවුන්ඩේෂන් එක දාන්න ආපු පියසිරි බාසුත් පාරේ යන ගෑනියෙක් රවපු කතාවක් කිව්වා නේද කියලා, එක අතකට බාස්ලා කුලී වැඩ කරන අයට තියෙන්නේ සජිවි සන්නිවේදනයක්, අපි ඔන්ලැයිින් කිය කිය කරන්නේ බොරුවක් නේද කියලා ඔබට හිතෙන්නේ නැද්ද? බුකියට යනවා කවුරු හරි දාපු පින්තූරයක් අකුරු ටිකක් කියවලා අනේ ඒක ඇත්තටම වෙන්න ඇති කියලා අපිත් ලයික් එකක් දාලා එනවා. පොඩි අඩුවකට තියෙන්නේ පියසිරි බාස්ගේ කතාවට මට LIKE එකක්වත් SHARE පාරක්වත් දාන්න බැරි උන එක. මට මතක විදිහට එදා මම ඇහැව්වේ, කොයි වගේ ගෑනු කෙනෙක්ද, කීයටද ආවේ කියන ප්‍රශ්න වගයක් විතරයි. ඒ එක්කම මට හිතුනා බැරි වෙලාවත් ලැට් අයියා FACEBOOK යන්න දැනං හිටියා නම් 

" ලැට් වලේ බඹ එකාහාමාරයි Feeling awesome at මාකොළ" කියලා දායි කියලා. එතකට අත් උදව්වට ඉන්න අය ලැයික් දාලා ෂෙයා කරලා මෙහෙම කමෙන්ට් කරයි නේද?

"Grt Bro"
" නීතීමය බාදවක් නැහැ උඩ ප්‍රකාශයට "
" හෙන හත ගහපිය තොට අපේ රන් පොළව හාරනවා "
" යුද්දේ දින්නානේ බඹයක් තිබුණත් ඇති "
" අපි බඳිමු @පියසිරිබාස්"

කියාගෙන ආවේ චිංචිංගේ කතාව. ඒත් කතාව පොඩ්ඩක් දිග්ගැසුන හින්දා.. ඉතුරු කොටස සමඟ ලඟදීම හමුවෙමු

19 comments:

  1. උඹලගෙ ගෙදර CCTV කැමරා තියෙනවා, ලැට් වලක් නෑ? මෙච්චර කල් පහළ ගෙදර ලැට් එකටද ගියේ?

    ReplyDelete
  2. උපුටා ගෑනීම -
    “අපේ පාරේ ගෙවල් පහයි තියෙන්නේ. ඇය ඉන්නේ අපේ ගෙදරට පහල ගෙදරට පහළ ගෙදර“

    මෙන්න සතියේ ප්‍රශ්නය : අපේ ගෙදර තිබෙන්නේ කී වෙනියටද?

    නිවැරදි පිළිතුර තැපැල් පතක අලවා 7788ට SMS කරන්න.

    ReplyDelete
  3. ගෙදර ලැට් වලේ පස් පොදු මාර්ගයකට දැමීම බරපතල වරදකි!!! - රවන්න නෙවෙයි පොලු පාරක් දෙන්නයි වටින්නෙ!!

    ReplyDelete
  4. ගමේ රටේ සිදුවෙන දේ ගැන අවදියෙන් සිටින, බ්‍රෝකර් රැකියාවක් කරන, තමන්ගේ දාඩිය මහන්සියෙන් හම්බ කරන වැදගත් පුද්ගලයෙකුට “ලැට් අයියා“ නමින් ආමන්ත්‍රණය කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකිමු!!!

    ReplyDelete
  5. හෙක් හෙක් මරු. සමහර අපේ එවුන් බුකියේ දාන ඒවා ලට් හාරන යටත් වඩා අන්තයි.

    ReplyDelete
  6. හෙහ් හෙහ් හෙහ් කෙලියා නේද උගුරටම එන්න!
    පීලීං ඕසං :-)

    ReplyDelete
  7. අකුරු අඳුරු පාටයි. කළුපාට දාන්න බැරිද foreground

    ReplyDelete
    Replies
    1. තිබ්බ ටැම්පේලේට් එකක් දැම්මේ... වෙනස් කරන්න බලන්නනම්

      Delete
  8. ෆේස්බුක් එකත් ලැට්වලක් වගේද.....

    ReplyDelete
  9. යතාර්ථය පට්ටට ඇනලයිස් කිරිම වැපා

    ReplyDelete
  10. //බ්ලොග් එක කියවන ඔබ හොඳකාරවම දන්නවා මම ඕපූ දූප හොයන්න එච්චර කැමැත්තක් ඇති පුද්ගලයෙක් නෙමෙයි කියලා. ඒ හන්දා මම කවදාවත් චිංචිංගේ විස්තරයක් හෙව්වේ නැහැ//

    මේ මොනවා කියනවද මල්ලියේ.. අපි නොදන්නවද උඹ ගැන... උඹ ඇවිල්ලා ඕපාදූප තියා ගෙදර දොරේ විස්තරයක්වත් හොයන එකෙක්යෑ... කවුරු හරි එහෙම උඹට චෝදනාවක් කලොත් අපිට කියහං අපි විස්තර කරලා දෙන්න...

    ______________________

    //කොහොමින් හරි චිංචිං නෝනා සෙනසුරාදාට කොට සායයි, නිල් හැට්ටයයි ඇඳන් යන්නේ සතියටම ඕන බඩු ටික ගේන්න කියන එක මට දැනිච්ච දෙයක්. ඒක ස්තීර කරගන්නම මම සෙනසුරාදාවල් කිහිපයක්ම කොහෙවත් උදේ වරුවේ ගියේම නැහැ.//

    අන්න හරි මල්ලි.. අන්න හරි... එහෙම තමා ඉන්න ඕන.. කොටි කරදර ඉවරයි කියලා ඇහැ කන පියං හිටින්න හොද නැහැ.. ආරස්සාවට මුල් තැන.. විමසිලිමත්ව ඉන්න ඕන...

    ________________________________
    මං හිතන්නේ මේ බ්ලොග් පෝස්ට් එක උඹේ ජීවිතේ වෙනස් කරයි කියලා.. :D :D :D

    ReplyDelete
  11. චිංචිං ඔරවන්නේ
    1. ලැට් අය්යා කරපු අලුගුත්තේරු වැඩක් නිසා
    2. වැපා කරපු අලුගුත්තේරු වැඩක් නිසා
    3. ලැට් එකක් නැතුව වැපා පාරේ රෙන නිසා
    4. වැපාගේ CCTV කැමරාව චිංචිංගේ ගෙදර පැත්තට හරවල තියෙන නිසා

    ReplyDelete
  12. CCTV කැමරාව කොහෙද හයි කරලා තිබුනේ. පුවක් ගහේද? ඒ කාලෙත් තිබුනද?
    අඹ සරණයි :D

    ReplyDelete
  13. වැපා මාර ප්‍රබුද්ධ වෙලානෙ. සිරා ඕයි...පට්ටයි...කොහොමද බං මේ අදහස ආවෙ..

    ( තව උඹ කැමති වචන ටිකක් කිව්ව කියල හිතා ගනින් මේත් මදිනං. මොකද අපිත් දැන් දෙන්නෙ ඉල්ලුමට සැපයුම )

    ReplyDelete
  14. කතාව කොහෙට කැරකේවිද....
    බලමු අපිටත් ලයික් එකක් දාල ෂෙයාර් පාරක් දෙන්න පුළුවන් දෙයක් ඒවිද කියලා
    මොනවා නමුත් ඕපාදුප හොයන්නේ නැතුව චිංචිං නෝනාගේ විස්තර ටික සෙනසුරාදා වරු ගානක් ගතකරලා හොයා ගත්තු එකම ලොකු දෙයක්.

    ReplyDelete
  15. නයෙක් සහ නිහතමානී පොරක් ලෙස CCTV කථාව සහ ලැට් වලේ කතාව නිකං ටැපලුනාද මංදා බං..කොහොම වුනත් අපේ පැත්තේ ව්‍යාපෘතියකින් නොමිලේ ලැට් දෙනවා..උඹටත් ඕනනම් එකක් දෙන්නම් වලකුත් කපපු එකේ

    ReplyDelete
  16. ගෑණුන්ගේ විස්තර හොයන තවත් බ්ලොග් කාරයෙක්... මීට කලිනුත් ඕනයා ඔහොම වගතුග වගයක් හෙව්වා බැල්කනියේ පුටුවක් තියාගෙන...

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....