Saturday, February 19, 2011

සසර


‍ඡායා රෑප අනුග්‍රය - දිමුතු

මුහුදෙන් මාලු අල්ලලා ඇති වෙලා,
වෙරළීන් මාලු අල්ලන්න
අයියා උස්සාහ කරනකොට,
අම්මා මාලු ටික විකුණනවා
දවසක දිවි ගෙට ගහගන්න.
නංගි අම්මා‍ගේ අඩිපාරේ ගියත්,
අක්කා මුහුද පැත්තට යන්නේ,
සසරින් එතර වෙන්නද?


වැප්

17 comments:

  1. ම්ම්ම්... ලස්සන පිංතුරයක්... අර්ථවත් වදන් පෙලක්...

    ජිවිත දුශ්කරයි අපගේ දුක් විඳින්නේ...
    අද කෑවට හෙට බඩගිනි දැනෙන්නේ..
    සමුදුර අපේ තනි නොතනිය බලන්නේ...
    අපෙ දිවි ඔබෙයි අපෙ පණකෙඳි රකින්නේ..

    ~HiPo~

    http://hipo-thoughts.blogspot.com/

    ReplyDelete
  2. ඇත්තට මේ පින්තුරෙ ඔය කියන්නා වාගේ මහ ප්‍රෙහෙලිකාවක් තමා...

    ReplyDelete
  3. වැපා, පින්තූරේ වගේම වචන ටිකත් ඇත්තටම නියමයි.

    ReplyDelete
  4. නියමයි... පොලොවෙ පය ගහපු කවියක්...

    ReplyDelete
  5. අනේ වැපෝ ...,,
    මට මේ පින්තූරේ දැක්කම හිතෙන්නේ වෙනමම දෙයක්.
    අය්යා :- ගැන කතා නොකරමි,
    අම්මා :- මාලු විකුනනවද ? මුහුදු වැලිපුරවපු බැගයක් අරන් එනවද ?මන්දා.මාලු ඔහොම ගෙටගහපු බැග් වල දාගෙන ආවොත් යසට තියෙයි.
    නංගි :- අමමා අනුකරනය කරන්වා වෙන්ට පුලුවනි.අපිත් ඔය වැඩේ කරනවනේ සුට්ටි කාලේ.අමමා ලොකු කලේකට වතුර ගන්න කොට අපිත් පොඩි කළ පොඩිත්තකට වතුර අරගෙන අර ලොකු කලේ ලඟම තියනව නේ.
    අක්කා :- මොනවදෝ පුරවපු බැග් එකක් අරගෙන අක්ක යන්නේ සසරින් එතෙර වෙන්නද ?ඒ බැග් එකේ ඉතුරු වුනු අපද්‍රව්ය වෙන්ට බැරිද.?

    ප/ලි
    මේ මාගේ පෞද්ගලික අදහස බව කරුනාවෙන් සලකන්න .

    ReplyDelete
  6. ඕක තමා මචෝ මාලු රස්සාවෙ අද දවස . . . . තාත්තල මුහුදෙ මාලු අල්ලන්න්න යද්දි අම්මල ඒ මාලු විකුනන්න පාරට යනව. අයියල . . . සුද්දොයි සුද්දියොයි පස්සෙ මාලු හරි වෙන මොනව හරි විකුනන්න යද්දි අක්කල නිකම්ම සුද්දන්ට විකිනෙනව . . . නංගිල මොන පැත්තට යනවද කියල හරියටම දන්නෙ නෑ . . . .

    ReplyDelete
  7. පහුගිය දවසක මීගමුව පැත්තේ වෙරළ තිරයට ගියා අපේ පාසල් කාලයේ යාලුවෝ සෙට් එකත් එක්ක ..... එතනදි ගත්ත පින්තුර වල මට ටිකක් විතර වෙනසක පෙනුන නිසා මේ පින්තූරයට ලිපියක් ලියන්න හිතුනා ..... මේ පින්තූරය දුටු සැනින් ඕනයා කිව්ව ටික තමයි මගේ ඔලුවටත් එක පාරට අවේ .....


    වෙනස් විදිහකට දකින්න පුලුවන් බව හිපෝ/ බුදිධි /අන්ශ් හා නුවන් සටහන් කල අතර තුල, පබලු තවත් විදිහකට හිතුවා


    ඔය ගමනෙදි තවත් අපූරු දෙයක් උනා, මාදැලක් අදිනවා දැකලා ..අපේ සෙට් එකත් ගියා ඒකට පොඩි තල්ලුවක් දෙන්න. ඔව් ඒ කිව්වේ මමත් ඇද්දා මාදැල..... හැබැයි පැත්තකින් හිටපු නිර්මංශ යාලුවෙක් මේන් මෙහෙම ඇහැව්වා


    උබ දන්නවද ඔය මොකද කරන්නේ කියලා?


    ම්ම් ඒ ටික ඇහිලා මොහොතකින් මාදැලේ ලණුව මං අත ඇරියා .....

    මාලූ නම් අහුවෙලා තිබුණා ඒ දැලට අම්බානක

    ReplyDelete
  8. පව්කාරයෝ අත ගැහැව්වාම හොඳට මාළු අහුවෙනවයි කියලා මාත් අහලා තිබ්බා...

    ReplyDelete
  9. පින්තූරෙට ගැලපෙන ෆට්ට අදහසක්!

    ReplyDelete
  10. @පබලු,
    ඔයා නං හරිම ප්‍රඥාවන්තයි නංගි! ඔයා කලා රිටක්!! බලන්න ඔයා හිතල තියෙන දුර......!!!! ඔයා අර අයියා ගැන මොකුත් නොකිව්වෙ ඇයි නංගි?? මිනිහා රේඩියෝ එ‍කේ ඒරියල් එක දික් කරගෙන මැච් එක අහනවා වෙන්ටැ නේද නංගි?!

    ReplyDelete
  11. Harima Lassanai....

    ReplyDelete
  12. පින්තූරයක දහසක් දේවල් ඇති ඇත්ත කියල පේන ඒත් ඇත්ත නොවෙන
    අම්මගෙ මල්ලෙ තියෙන්නෙ අක්කගෙයි නංගිගෙයි හෙට දවස ගැටගහගන්න උදව් වෙන මොනාහරි වෙන්න ඇති.
    පිටිපස්සෙ ඉන්න සමහර විට එක කුස උපන් අයියම නොවුනත් හෙට අනිද්ද ගෙටවෙන්න ඉන්න අක්කට අයිය කෙනෙක් වෙන්න පුළුවන් කෙනෙක් වෙන්න ඇති. නංගි ආසා ඇති අම්මගෙ පස්සෙන් නොයා වෙන පාරක ජීවිතේ හොයාගෙන යන්න, ඒත් අම්මට තියෙන අත්දැකීම් එක්ක අම්ම බය ඇති ඇස් මානයෙන් එහාට යනවට. කොහොම උනත් මේ ආච්චිඅම්ම මිසක් අම්ම වෙන්න තියෙන ඉඩකඩ අඩුයි, ඒ වැල්ලෙ අම්මල බොහෝමයක් වෙලාවට ගොඩ අම්මල තරං වයස නැති නිසා.

    ReplyDelete
  13. වැපෝ.... උඹ සීරියස්ද?

    උපරිමයි...!!!

    ReplyDelete
  14. මොකක්ද යකෝ සිරියස්ද කියලා ඇහැව්වේ? :D

    ReplyDelete
  15. ඒ ගෑනු ලමයා සිප්පි කට්ටක් ඇහිදින්න යනවා. උඹ මේ සස‍රක් ගැන කතා ක‍රනවා :D

    ReplyDelete
  16. හැබැයි පැත්තකින් හිටපු නිර්මංශ යාලුවෙක් මේන් මෙහෙම ඇහැව්වා
    උබ දන්නවද ඔය මොකද කරන්නේ කියලා?
    ම්ම් ඒ ටික ඇහිලා මොහොතකින් මාදැලේ ලණුව මං අත ඇරියා .....

    ++++++++++++++++++++++++++++++++++++++++++++1

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....