Thursday, January 27, 2011

ඊට පස්සේ ඇත්තටම මොකද උනේ?

සුපුරුදු පරිදි නිමාෂා කන්දහේන බස් නැවතුමට වී බලා සිටියේ කොළඔ බලා පිටත් වීමටයි. උදෑසන මද අඳුර නිසා බස් රථයේ පැමිණිම ඈත සිටම දුටු නිසා, පසෙකින් තබා තිබූ ගමන් මල්ල අතට ගත්තාය. වෙනදාට වඩා වේගයෙන් පැමිණ ක්ෂණිකයෙන් තිරිංගතද කිරීම නිසා ඇතීවූ ශබ්දය සමගම බසයට ගොඩ වූ ඇය හිස් අසුනක් බලා අසුන් ගත්තාය. උදෑසන කොළඔ බලා පිටත් වන පළමු බසය නිසා මගීන් ගණන අසුන් ගණනටත් වඩා අඩුබවක් තිබිම ඇයට අමුත්තක් නොවිණි. දහසකුත් එකක් සිතුවිලි මැද අතරමංව, පාර දෙපස ඇති නාම පුවරු කියවමින් සිහින ලොවකට මැදිව, කොළඹ බලා පිටත් වන්නේ අවුරුදු නිවාඩුවෙන් පසුය. පැය එකාහාමාරක පමණ ගමනකින් පසුව ගැස්සි බැලුවේ ඔහු දෙසය, තමා අසල වූ අසුන මෙතුවක් වෙලා හිස්ව තිබුණු බව සිහි ගන්වමිනි. මදක් ඔලුව උස්සා මද සිනහවකින් ඔහුට සංග්‍රහ කර නැවත පාර දෙසට මුහුණ හැරුනේ නිරායාසයෙනි. නාම පුවරු කියවීම මදකට නවතා දැමුනේ, ඔහුගේ සිනහව නැවත නැවතත් ඇයගේ මනස තුල ක්‍රියාත්මක වීම නිසාය.

බසය යන වේගයට වැඩියෙන් ඇයගේ සිත ඔහු දෙසට ඇදී ගියේ සසර පුරුද්දකටදෝ යැයි ඇයටම සිතෙන්නට ඇත. මෙලෙස ටික දුරක් යන විට ඔහු, ඇය හා දොඩමලු වන්නට පටන් ගත්තේ බොහෝ කාලයක පටන් දන්නා  හඳුනන ආදරවන්තයින් විලසිනි. පාසල් කාලය,රැකියා තොරතුරු මෙන්ම පවුල් වල විස්තර ආදියක් මේ කුඩා කාලය තුල ඔවුනොවුන් අතර හුවාමරුවූයේ විශ්වාසය යලි යලිත් තහවුරු කරමිනි. වේලාව උදෑසන දහයයි තිහ පමණ වන විට බස් රථය කුරුණැගල දෙසට ලංවනවාත් සමගම ඔහු, ඊලඟට හමුවන කුරුණැගල නගරයෙන් බසිමු යයි යෝජනවාක් කලේය. එයට යහපත් ප්‍රතිචාරයක් දැක්වූ ඇය, ඇඳුම් සහිත ගමන් මල්ලද අතට ගෙන ඊලඟ බස් නැවතුමෙන් බැසිම සඳහා ලැහැස්ති විය.

බසයෙන් බැස ගත් ඔවුන් හෙමින් සීරුවේ පිය මැන ගියේ, ගමන් වෙහසත් පිපාසයත් සංසිදවා ගැනිමට බීම බෝතලයක් බීමේ අරමුනණී. කඩය තුල වූ පුටුවක් මත වාඩි වී ‍දොඩමලු වී සිටි ඔවුන් දෙදෙනා ඔවුන්ගේම ලෝකයක අතරමංව ඇත. හදිස්සියේම ඔහු නවැතත් අලුත් යෝජනවාක් කලේය. නමුත් එම යෝජනවා ඇය විස්මයට හා දැඩි තැතිගැන්මකට ලක් කරන ලදි.

ඉන් අවුරුදු දෙකකට පසු කන්දහේන බස් නැවතුමේ බසයක් එන තුරු තුන් දෙනෙක් බලා සිටියේය

වැප්

12 comments:

  1. ඔබේ නිර්මාණශීලිත්වයේ නොදුටු පැත්තක්...
    මටනම් රසවත් නිර්මාණයක්...

    ReplyDelete
  2. තුන් වෙනියා උඹද බන් :-D

    ReplyDelete
  3. පරිකල්පන මෙව්වා එකක් තියේ !
    ඊලග වටයට සුදුසුකම් ලබනවා

    ReplyDelete
  4. මරේ කිව්ව දේ ඇත්තනම් තුන්වෙනියගෙ බෙල්ල වටේ ලණුවකුත් තියෙන්න ඇති නේද...:D

    බ්ලොග්කරණයේ වෙනස් පැත්තක් උඹේ.. ජයවේවා...!

    ReplyDelete
  5. මාරයි ඈ....... ශා බස් බ්ලොග් තියෙන්නම ඕන මේ හැකියාවන් එළියට ගන්න.

    ReplyDelete
  6. අඩේ එල බං...

    ReplyDelete
  7. මරු මරු. මෙහෙමත් ලියන්න පුළුවන් කියල දැනන් හිටියෙ නෑ නෙ උඹට. එල !

    ReplyDelete
  8. ෂැක්... අත දෙන්න කෙනෙක් හිටියනං.... හොඳ තැනකට ගන්න තිබුනා!

    ReplyDelete
  9. "තුන් දෙනෙක් බලා සිටියේය"

    කතාව හොඳය්. ඒ වුනාට වැප් ව සිංහල ක්ලාස් යවන්න වෙනවා.

    ReplyDelete
  10. @observer
    මට පොඩි කාලේ ඉඳන් ව්‍යාකරණ බැහැ ....... ඒ ගැන සමාවන්ට .......

    ReplyDelete
  11. සියල්ලටම

    ස්තුතීය ...මං හිතන්නේ මං ලියපු පළවෙනි කෙටි කාතව මේක ........... කවදා ලියපු ටකරංද කිව්වාලු :D

    ReplyDelete
  12. මන් කියවපු හොදම කෙටි කතාවත් මේක.... :D

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....