Tuesday, January 25, 2011

බස් එකේ අපේ යුතුකම්

මහා බස් බ්ලොග් සතිය වෙනුවෙන් ලියැවෙන දෙවන ලිපිය

ලාංකීය ජන සමාජය යන මග බොහෝ විට තීරණය වන්නේ මධ්‍යම පාන්තිකයන්ගේ ක්‍රියාකාරකම් මතය. එලෙසම බහුතරයද ඔවුන්ම වෙයි. පන්ති මට්ටම් බේදයකින් තොරව සියලුම ලංකීකයන් බස් රථ වල එක් වතාවක් හෝ ගමන් කර ඇති බව නිශ්චිත කරුණකි. එහෙත් ජන සමාජය තුල බස් සේවව හා ඒ හා සම්බන්ද අතුරු දේ ගැන ඇති ආකල්පයන් ඉතාමත් දුරුවල මට්ටමක පවතියි. මීට මාසයකට පමණ පෙර මා ගිය එක් බස රථයක දැන්වීමක සටහන්ව තිබුණේ

  1. මෙම බස් රථය සංගීත භාණ්ඩයක් නොවෙයි
  2. මෙම බස් රථය තුල දුම් බීම තහනම්
  3. මෙම බස් රථය කසල බාල්දියක් නොවෙයි
  4. මෙම බස් රථය තුල සිඟමන් යැදීම තහනම්
  5. මෙම බස් රථය තුල අසභ්‍ය ලෙස හැසිරිම තහනම් ලෙසයි
එලෙසම එම බස්  රථය ඉතා පිරිසිදුවට තිබුණු බවද මතක් කල යුතුමය. කොන්දොස්තර හා රියදුරු මහතාට අමතරව, යන මගීන් නිසාම තවත් මගීන් අපහසුතාවයට ලක් වන බව ඔබ කොතෙකුත් දැක ඇත. ඉතාම බහුල උදාහරණ නම්

  • ඉඳගන්නා විට පාර්සලයක් හෝ මල්ලක්ද කොනකින් අසුන් ගැන්වීම - බස් රථ වල දැනට තියන අසුන් වල පවා දෙදෙනෙකු ඉඳගන්නේ බොහොම අපහසුවෙනි. එවන් අවසත්ථාවක ගමන් මල්ලත් වාඩි කරවු විට අනික් පුද්ගලයා කොතරම් අපහසු තාවයට ලක්වන්නේද?
  • අසුනේ අසුන් ගෙන අත් දෙක ඉදිරිපස අසුනේ ඇන්ද මත තැබීම - අසුනක ‍දෙදෙනෙක් වාඩි වූ විට, ඔවුන් ඉන්නේ බොහෝ විට අපහසුවෙන්ය. එය මගහරවා ගැනිමේ උපායක් ලෙස ඉදිරි පස අසුනේ ඇන්ද මත අත් දෙක තබාගෙන යමින් ඒ අසුනේ මගියාගේ ඔලුව අත වැද්දවිම කොතරම් කරදර කාරී වැඩක්ද?
  • අසුනේ අසුන් ගෙන කොණ්ඩය ඇන්ද මත විහදවා හැරීම - බස් රථය පිරෙන්නටම සෙනග පටවාගෙන යන විට හිටගෙන යන මගීන් බොහෝ විට අල්ලා ගන්නේ අසුන් වල ඇන්දවල්ය. එය මත කාන්තාවන්ගේ කොණ්ඩය විසිරි තිබිම හිටගෙන යන්නා මෙන්ම කොණ්ඩය අයිති පුද්ගලයටද හිරි හැරයකි.
  • වැසි දින ‍වල තෙත් වූ කුඩ රැක් වල දැමිම
  • විශාල මලු රැක් වල දමා අයිති කරු එතනින් ඉවත්ව යාම - පසු ගිය ත්‍රස්ථවාදී සමයේ මෙය බොහෝ විට සිදු නොවුනද, දැන් දැන් සිදුවේ. මෙහි ඇති අනතුරු ස්භාවය නම් මෙම මලු සමහර විට රැක් එක තුල ඉඩ මදි නිසා පෙරළි ගොස් අසුන් ගෙන සිටින මගීන අනතුරට ලක්කිරීමයි.
  • හිස් අසුනක් දුටු විට පෙරලගෙන පැමිණීම - බොහෝ විට මෙය සිදුවන්නේ තලතුනා වයසේ කාන්තාවන් අතිනි
  • බස් රථයට ගොඩ වන තැන රොක් වී සිටිම - බොහෝ විට තරුණයන් මෙලෙස හැසිරෙයි
  • මුදල් පසුම්බිය හෝ වෙනත් මලු අස්කිරිම - බොහෝ මගී ජනයා කූනු අස්කන්නේ බස් රථය තුලටය
ඉහතින් ලැයිස්තු ගත ‍කරනූ ලැ‍බුවේ ඉතා ජනප්‍රිය කරුණුය. මීට අමතරව තව බොහෝ කරදර කාරී ක්‍රියා ඇත. මගීන් ලෙස ඉහත කරුණු දැන සිට ඒ අනුව කටයුතු නොකිරිම තව අයෙකුට කරදයක් නැතුව බස් රියේ ගමනා ගමනයට පහසුකම් සැලසීමකි.  

වැප්

10 comments:

  1. ඇයි තමන් ආසනයෙන් 1.5ක වාඩිවී අනෙකාට 0.5 දීම? බොහෝ විට මෙය සිදු වන්නේ තමන් පොර යයි සිතා සිටන අය හා නාකි සීයලා අතිනි.

    ReplyDelete
  2. ඇයි වාඩි උනාම සනීපෙට අතපය දිග ඇරලා නිදා ගැනීම/එලෙසින් සිටීම. අනිත් කෙනාට යන්තම් හරහට වාඩි වෙන්නවත් ඉඩක් නැ.

    පාසල් ළමුන් කරේ වන බෑග් තියාගෙනම සිටගෙන සිටීම.

    තව කොච්චරනම් තියද........ හොඳ ලිපියක් අයියා...... :D

    ReplyDelete
  3. අනික් අයට ඉස්සරහටවත් පිටිපස්සටවත් යන්න බැරිවෙන්න මදකට වෙලා හිටගෙන සිටීම

    ReplyDelete
  4. ඉහතකී කරුණු වලින් වැෆා ( නො )කරන එකක් නැත :)

    හෙහ් හෙහ් ජයවේවාz මසුරන් පෝස්ට් එක.

    ReplyDelete
  5. අම්මපා වැපාගෙ කටේ මසුරන් දාන්න වටිනවා. මටනං පෙන්නන්නම බැරි අර බුධාජීව කියපු එක

    ReplyDelete
  6. "හිස් අසුනක් දුටු විට පෙරලගෙන පැමිණීම - බොහෝ විට මෙය සිදුවන්නේ තලතුනා වයසේ කාන්තාවන් අතිනි"

    මේක නම් එපාම වෙන සීන් එකක් හෝල්ට් දෙකක් දුර යන්න බස් එකට නැගල ගොඩක් දුර ඉදන් හිටගෙන ආපු මිනිස්සුන්ට වාඩිවෙන්න නොදී වාඩිවෙනව. :(

    අනිත් එක තමා budhajeewa කිව්ව එක. සමහරු බස් එකේ වාඩිවෙන්නේ කකුල් දෙක දෙවුන්දරතුඩුවෙයි පේදුරුතුඩුවෙයි තියන විදියට :D

    ReplyDelete
  7. වැප්ස් ඔයා බස් කාපු පොරක්නේ...:ඩී... කියපු කතාවල් ටික සහතික ඇත්ත. සමහර වෙලාවට මාරයා ඉස්මුදුනට ආරුඩ වෙනවා බොල.

    ReplyDelete
  8. 6. කරුණාකර මුදල් ගෙවා ටිකට් පතක් ලබා ගන්න.

    ReplyDelete
  9. මේ ලංකාවේ බස් එකක් ගැනද කියලා තියෙන්නේ? චුවර්ද වැෆෝ සේරම ප්‍රධාන පෙළේ කරදර ටික ලියලා කියලා??? :D

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....