Saturday, January 1, 2011

වස්ගමු සංචාරය Wasgamuwa National Park - පාසල් මිතුරන් සමග

2010 ගෙවිලා ගිහින් 2011 ත් අවා විතරයි. ඒ සතුටත් සමගින් මෙන්න ගිය අවුරුදේ අන්තිමට ගියපු සංචාරය පිළිබඳ සටහනක්. වසර දෙදහස් දහය කියනනේ වැඩිපුරම ලංකාවේ සොඳුරු ඉසව් කරා ගමන් කරපු වසරක් කිව්වොත් ඉතාම නිවැරදියි. මුලින්ම 2010 විනෝද චාරිකා ආරම්භ වෙන්නේ ෆන් එකක් ගන්න Fishing Hut - ෆිෂින් හට් යමු යන මස්කෙලිය චාරිකාවෙන්, ඊට පස්සේ ඒ එක්කම එනවා කූඩාරමක් ඇතුලේ ඉන්න යන බෙලිහුල් ඔය චාරිකවා. මේ දෙකම යන්නේ රැකියා ස්ථානයේ යාලුවොත් එක්ක. ඊට පස්සේ යන්නේ කිතුල්ගල, ඒකට එකතු වෙන්නේ ගුගල් බස් සෙට් එක. වසරේ අවසන් චාරිකාව තමයි වස්ගමුවට යන්නේ.

පාසල් අවදියේ සොඳුරු මතකයන් අවදි කරමින්, වසර නමයකට පසුත් පාසල් මිතු දම අලුත් කරමින් වස්ගමු චාරිකව පසුගිය වසරේ දෙසැම්බර් මස 19 හා 20 වෙනි යන දෙදින තුල සිදුවිය. මෙහි විශේෂත්වය වූ කලි, අප සියලු දෙනා හය වසරේ සිට උපෙළ දක්කවා වසර හයකුත්, ඉන්පසු තවත් වසර නමයක් මේ දක්වා ඇති කරගත් ශක්තිමත් මිතුරු දමයි. උදෑසන 3.30 ට පිටත් විමට සිටියත්, යම් යම් ප්‍රමාදයන් කරන කොට 4.30 වන විට ගමන ආරම්භ විය. අපේ නවාතැන් පොළ වූ වස්ගමුව සෆාරි හොලිඩේ වෙත සවස 2 පමණ වන විට ලඟා විය.


ඉහතින් දැක්වෙන්නේ අපි විවේක ගත් නිවහනයි. මෙය වනෝද්‍යනාය අසාන්නයේම හෙවත් වනෝද්‍යනය ලඟ ඇති අවසන් නවාතැන වෙයි. ඒ අහල පහල තවත් මෙවැනිම නවාතැන් පොළවල් බොහෝ ඇත. වනාන්තරය තුල සංචාරයට දිනකට අවස්ථා දෙක්ක උදාවෙයි. ඉන් එකක් උදැසන හයටද අනික සවස දෙකටද ලෙස වෙයි. අප එහි ලඟා වන විට සවස් වී තිබූ බැවින් පසුදින එසේත් නැතිනම් 20 වන දින උදෑසන ගමන අපි ‍තෝරා ගතිමු. ඒ අනුව උදැසන හයට අපි ගමන පිටත් වූයේමු.


මෙම සෆාරි රථයක් රුපියල් 3000ක මුදලටක ලබාගෙන, එහි පිහිටවූ කවුලුවෙන් අවසර පත්ද රැගෙන වන අරනේ සුන්දරත්වය දැක බලා ගැනිමට පිටත්වුයෙමු. සෑම සංචාරක කණ්ඩායමකට සහායකයකු ලබා දෙයි. එලෙස, උපදෙස් දිමට හා රක්ෂිතය තුල සොඳුරු ඉස්ව් පෙන්විම සඳහා අපට සහාය දැක්වූවේ මහේෂ්ය. යන අතර තුර බොහෝ විස්තර ඔවුන් සපයයි. ඒ අතර තුර සටහන් කරගත් වැදගත් කරුණු ටිකක් මෙසේ සංෂික්පතව දක්වන්නෙමි.

බටහිරින් කලු ගඟින්ද, නැගෙනහිරින් මහවැලි ගඟින්ද, උතුරින් අබන් ගඟින්ද වටවි ඇති, අක්කර දසදහසක් පුරා විහිදි යන වස්ගමුව ජාතික වනෝද්‍යනය තුල, අලි ඇතුන්, මොණරුන්, දිවියන්, වලසුන් , මුවන් ,වළි කුකුලන් මෙන්ම විවධ කුරුල්ලන්ද දැක ගත හැක. නමුත් අපේ ඉල්ලකය වි තිබුනේ අලි රංචුවක් දැක බලා ගැනිමයි. එය සපත කරමින් වනයට ඇතුල් වි සුලු මොහොතකින් අලි රැලක් දැකිමට වාසනවා වන්ත වුයෙමු.

වසර 2007 දී කරන ලද සංගනනයන්ට අනුව අලි ඇතුන් 3500 ක් ලංකාව පුරා සිටයද මේ වන විට එය 7500 දක්වා වැඩි වී ඇති බව අතර තුර කතා බහේදි දැන ගත හැකි විය. දිනකට කිලෝ 250 ක් පමණ ආහාර ප්‍රමාණයක් ලබා ගැනිමේ අරමුණින්  අලියෙකු කිලෝමිටර් 20 ක් පමණ දුරක් දිනකට ඇවිදින බවද මහේෂ් විසින් පැවසුවේය. තුන්පත් රෑන යන ප්‍රශ්නය පැන නැගුනු විට, එය පැහැදිල කර දුන් ඔහු පැවසුයේ, "අලි අම්මා ලොකුම අලි පැටවා හා පොඩිම අලිපැටියාගෙන් සමන් විත තුන්කට්ටුව" ලෙසිනි. සාමාණ්‍යයෙන් අලි රංචුවක් මෙහෙයවන්නේ ලොකුම අලි ගැහැනු සතා හෙවත් කෙනෙර විසිනි.

ඓතිහාසික වශයෙන්ද මෙහි වැදගත් කමක් ඇති බවත්, එයට සාක්ෂි ලෙස  යුදගනවා නම් ස්තානයත් අපට පෙන්වන ලදි. එනම් දුටුගැමුණු කුමරු සේනා සංවිවාධනය හා පුහුණු කල තැනිතලා භුමියයි. යුදගනවා නම් වූ තැනට ඇතින් පෙනෙන්නේ ලකේගල කඳුවැටියයි. එලෙසම මෙම වනෝද්‍යානය තුල බංගලා තුනක් ද ඇත. වෙන් කරගැනිම කොළඹින් සිදුකරගත හැක. කූඩාරම් ගා‍සාගෙන සීටිමටද හැකි වන පරිදි වෙනම උස් කනු යොදා සාදන ලද විශේෂ ස්ථාන ඇත. පහතින් දිස් වන්නේ එවැනි ස්ථානයකි.


මීට අමතරව කුරුල්ලන් නැරබිම සඳහාද පීටිකා සකස් කොට ඇත. එවැනි තැනකදි අපේ කට්ටිය ලබා ගත් ජායාරූපයක් පහතින් දැක්වේ. එලෙසම පැත්කින් ඇවිද යන්නේ අපට උපදෙස් සැපයූ මහේෂ්ය


දහවල් වන විට මොණරුන් මුවන් වලිකුකුලන් හා විවිධ පාක්ෂින් දැක බලා අවසන අප පැමිනියේ ‍කෞතුකාගාරය වෙතයි. එහි විවිද සතුන් ගේ හා වෙනත් තොරතුරුද ඇත. සොඳුරු ගමනක නිමාව සනිහිටුවන් කරමින් වස්ගමු චාරිකාව අවසන් කර නවාතැන් පලෙන් පිටවූ අපේ ඊලඟ සොඳුරු ඉස්ව්ව වූයේ පිටවල පතනයි. පුංචි ලෝකාන්තය හා විඩෙන් විඩ ක්ෂනිකව වෙනස් වන කාලගුණය එහි ඇති සුවිශේෂිත්වයයි. සැනෙකින් මිදුම් වලාවකින් වැසි යන විවෘත භූමියට මොහොතකින් වර්ෂාපතනය කඩා හැලෙයි. එවන් අපූරුව වූ සොබා සෞන්දර්යයෙන් යුත් එහි ක්ෂනික වර්ෂාවකට අපද කොටු වූයෙමු.


තවත් මෙවැනිම සංචාරක සටහන් තැබිමට මේ වසරේදි හැකිවේවායි පතමින් මේම ලිපිය අවසන් කරමි

වැප්

5 comments:

  1. ජනවාරි පළවෙනිදම ඉතින් මගෙ බඩට ගහන්නනේ හදන්නෙ..... මොනවා උනත් කමක් නෑ..... තව ට්‍රිප් යන්න ජීවිතය විඳින්න වාසනාව උදාවේවා.....

    ReplyDelete
  2. උඹලා ට්‍රිප් තොගයක් ගිහින් නේ....
    ඊළඟ එක මටත් කියපං........ :D

    ReplyDelete
  3. අලි බලන එකයි...බලි බලන එකයි ඇතිවෙන්නේ නෑ කියනවනේ...
    කට්ටිය සෙට් කරන් අපිත් දවසක වස්ගොමු යන්න ඕන. තාම ගිහින් නෑ..
    සුභ නව වසරක් වැප්....

    ReplyDelete
  4. ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.....

    එල එල අවුරුද්ද විනෝදයෙන් අරබන්න...
    http://nadeesh22.blogspot.com/

    ReplyDelete
  5. සුබ නව වසරක්!!!!!

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....