Monday, March 29, 2010

ඉකෝස්ලේ යද්දි කාපු ගුටි

බහිටර කරන ලද පක්ෂරීයනකට, අනුව අපි සාන්‍යමාය විහදිට කිවද්යදී, කන්රනේ අතින්ම අකුර හා මුල් අකුර ගෙන වනචය සෑමදීයි. එහිදී වනයචක අනික් අකුරු මසිනන් හදා ගනන්වා. මේ උහදානණරය කලෙත් අන්න ඒ විහදීට තමයි. අද මේ විහදිට කින්යන යන්නේ ඉකෝස්ලේ යද්දි කාපු ගුටි ගැන.
මේක ලියන්න හෙතුව මේ අවුරුද්දට පළමු වතාවට අපේ ඉස්කොලේ යාලුවො ටික ඊයේ සෙට් උනා .. බිග් මැච් එක බලන්න.. ඒ සතුටත් එක්ක මතක් වෙච්ච ඒ සුන්දර පාසල් කාලය මෙසේ සටහන් කරනවා ...... මැච් එකෙන් අපි පාරදයි. එත් අපි යාලුවො ටික නෙකාඩවා උසස් පෙලින් පසුව ජයග්‍රහී නව වන වරටත් බිග් මැ‍ච් බලන්න එකතු විමේ ජය අපි ඒ විදිහට සැමරුවා. ඒ හන්දා තමයි අපි පරාදයි එත් අපි දිනුම් කියන පාඨය පහුගිය දවසේ දාගෙන හිටියේ.

මුල්ම ගුටිය කන්නේ අට වරෙසදි,


හේතුව - රබර් පටි වලින් විදීම
යෙදා ගත් දේ - රබර් පටි / පැන් බට / කාඩ් ‍බොඩ්
ඉක්ලකය - එක එකා විද ගැනිම [කෙලල්න්ගේ පස්ස]
වැදීරම - ගුතුරුයමි කගේ ශරරීය මත පතිත වීම
දවඬුම - සිල්ටයලම කනේ පරවහල්

ප්‍රරහායේ දරුණු බව කොක්තෙද කිතොයත් මගේ කන කුන් ගැවේය. අටදත් යාලුවෝ ටික ඔය දේ මතක් කමිරන් සිසෙනා සෙයි.

දෙවනි ප්‍රරයහාට ලවෙන්ක්නේ නමය වරෙසදි,
හේතුව - බොරු කීම
කානාරව - අපේ ඉකෝස්ලේ තිනයවා දෙහමල් ගොනැගිඩලල්ක්, පඩි පෙල යට තියන හොර කාමරේ දෙනෙන්ක් ඉන්නවා කියලා මට බන්ලන කිව්වා අංශ ප්‍රදාන ගුතුරුමා. මම ගිහින් බැලුවා ඩයල් දෙකක් ඉනන්වා, මුන් දෙන්නා පියරිඩ් කට් කරලා සර් එකොනට ඒකට රිගංලා. දැන් මුන් දෙන්නා මට කිනයවා කින්යන එපා කියලා. ඒ අස්සේ සර් බලං ඉනන්වා මම පවුණිඩය කිනයකල්. හරි ඔන එකක් කියලා මං සර්ට කිව්වා එකේ කරුවුත් නැහැ කියලා. මං පතින්යට ගියා සර් එනතම හිටියා. මෙන්න ටික වෙවලාවකන්, සර් එනවා දිග අඩිරුලත් අගෙරන. මුන්ලිම මට එයලිට කතා කලා. පතින්යෙන් එයලිට යනකොටම අතට ගුටි පුජාව. ලැජ්ජා හින්දා එහෙ මෙහෙ බද්ලදී මෙන්න අරුං දෙන්නා මාට්ටු වෙලා දන ගගෙහන ඉනන්වා. ගුටි ප්‍රහාරයෙන් අතුනරුව මටත් එනතටම යන්න කිව්වා. වැඩ් උනේ උදේ, කොමහොම හරි දවල් විවේක කාලය වෙකනල් ඉන්න උනා. දන නමාගෙන.

තුන් වන හෙවත් අවසාන ප්‍රරයහාට ලිවීක්ම උසස් පෙළ දෙවන අරුවුද්ද,
හේතුව - හිනා වීම
කානාරව - සාන්‍යමායෙන් ඔනැම පතින්යක පේලී මාරු වෙනවා. එත් උසස් පෙළ ඒක උනේ නැහැ. අපි අන්තිම පොලිමේ. මොකද අපි ඉතින් කදවත් අසවන් පෙල මතිරින්යෝ නේ. දැන් ඔන් භෞතික විද්‍යව සර් ඉසස්රහ පාඩම උගන්වනවා. අපේ පොලිමේ හිටපු එකෙක් කිව්ව කතාවට මට හිනා ගියා. කොහොමත් අපි සර් උගන්වන එව්වාට මොවා හරි කිය කිය තමයි පස්සට වෙලා ඉන්නේ. කටට නිවාඩුවත් තියෙන්නේ හිනා වෙන වෙලාවට විතරයි. කොහෙම හරි මං එක වෙලාවක් ඔලුව මේසේ උඩ ගහගෙන බිම බලං හිනා වෙනවා. මෙන්න මේක සර්ට මාට්ටු. ආ මු තමයි හිමිජ්ජා වගේ ඉදන් ඔක්කොම කරන්නේ කියලා. කන් දෙකට දෙපැත්තට වේගවත් ප්‍රහාර දෙකක් එල්ල උනා. කෙලින්ම මගේ මතකය ඇවිද ගියේ, අට වසරේ කාපු ගුටියට කන කූන් ගාපු සද්දෙට.

වාසි - ඉදායින් පසු කරන සෑම භෞතික විද්‍යා පරක්ෂනයකම ඉස්සෙල්ලා පොත බලන්නේ මගේ, උපකරණ ඔක්කාම ටික මුලින්ම මට තමයි දෙන්නේ පරික්ෂනය කරන්න.ලඟට ඇවිත් හොඳට කියලා දෙනවා. අපරාදේ කියන්න බැහැ අන්තිම අවුරුද්දම මට තිමයි වැඩි සැලකිලි.

ඔන්න ඔහොමයි මං ගුටි කෑවේ. ඔයිට අමතරව ‍එහෙන් මෙහෙන් පොඩි පොඩි පාරවල් කාලා තියනවා.. එව්වා එච්චර වැදගත් නැහැ. මේ තුන තමයි අමතක නොවන සිද්ධින් තුන.

වැප්

Sunday, March 28, 2010

ලක්බිම දිනය 2010/03/28

ගෙවි ගිය මාසය තුල ලක්බිම සමඟ එක්වු සහෝදර බ්ලොග් කරුවන්ගේ ලිපි පහත පරිද විය ...
දිනය 2010/03/28

විශාල කර බැලීමට පින්තුරය මත ක්ලික් කරන්න

දිනය 2010/03/21


දිනය 2010/03/07

Wednesday, March 24, 2010

බසයේ ගිය පුද්ගලික එෆ් එම් නාලිකා දෙක

කවුරුත් දාන්නවා ඇති වැපා වැඩ කරන්නේ කොළඹ, පහුකරන් එනවා අපේ දුටුගැමුනුහේ රාජධානිය වෙච්ච මනරම් කැලණිපුරවරය. ඒ කියන්නේ නුවර පා‍රෙන් කොටුවට ඇවිත් කොටුවේන් සේවා ස්තානයට යනවා. ගමන බිමන තමුන්ගෙම වාහනයක හින්ද කිසි කරදයක් නැහැ. පාරේ කවුරු හරි ගියොත් අඳුනනවාද කියලා බලන්නේ නැහැ දාගෙන එනවා. පොඩි පරහකට තියෙන්නේ අපේ මාතලී නොහොත් ඩයිවර් මහත්තයා අත දාන ඔන කෙනෙකුට මගේ වාහනේ නතරකරනවා. මම ඉතින් ඔක එච්චර ගන්න ගන්නේ නැහැ. මොකද ඒ මනුස්තයත් ඉතින් කියක් හරි හොයා ගන්න එපායැ. තව ‍පොඩ්ඩෙන් කතාව අමතක වෙනවා මගේ වහනය ගැන කියලා.

කතාව පටන් ගන්නේ කිරිබත්‍ ගොඩින්, කොහෙම හරි මං ඉඳන් අවේ බස්‍ එකේ විදුරුව පැත්කේ නෙමෙයි අනික් සිට් එකේ. වහානයට ගොඩ වෙන පැත්තේ, ඉස්සරහින් දෙවෙනි සිට් එක. ඔහොම ඉදගෙන මේ ලොකේ වෙන්නේ නැති එව්වා කල්පනා කර කර යනකොට, මෙන්න බොලේ ගැහැණු ලමයි දෙන්නේක් නගිනවා බස් එකට හරියටම කිරිබත්ගොඩදිම, මගේම වාසනවා කියන්නේ කෙල්ලො දෙන්න අවැත් හිට ගත්තේ මගේ ලඟමයි. වාසනවා කිව්ව්ට මට ඇති වැඩක් නැහැ. මං මුලු හිදින්ම හිනවාක් දාන්න හිටියත් මුන් දෙන්නා නෙමේ මගේ පැත්තවත් බැලුවේ. උන්ට එපානම් මට මොකටද කියලා මම ගත්තේ නැහැ උන්ගේ බැග්. ඇයි දෙයි‍යනේ හිනාවාක් නැති උන්ට මං මොන එකකට උදව් කරනවාද?

මම ඉතින් ඔය කවුරුත් කියන දේවල් අහගෙන ඉන්න එකෙක් නෙමෙයි. එත් මුන් දෙන්නා කතා කරන එක මම පොඩ්ඩක් ඇහැව්වා. මේකට ඉතින් මගේ ශ්‍රවණ පරාසය උපරිමට වැඩි කලා. දැන් නියමෙටම ඇහෙනවා. මතක පොතත් හොඳට සුද්ද කරගත්ත, මොකද මට මුන් දෙන්නා දැක්ක ගමන් හිතුනා.. අද මගේ බිලොග් එකට මුන් දෙන්න ගැන අනිවා ලියනවා කියලා. කිව්ව වගේ වැඩේ ගොඩ රස සාගරයයි. කතා ගොඩයි.

කතාව 1 - රස්සාව
ගැහැනු ළමයි 1 - අනේ මට නම් මේ රස්සාව දැන් එපා වෙලා
ගැහැනු ළමයි 2 - මටත් එහෙමයි මටත් එපා වෙලා
ගැහැනු ළමයි 1 - මම මේ අලුත් තැන වැඩකරන්න පටන් අරන් මාසයයි
ගැහැනු ළමයි 2 - මාත් එච්චර කල් නැහැ වැඩිම උනොත් මාස එකාහමාරයි

කතාව 2 - වරාය
ගැහැනු ළමයි 1 - මම කාලයක් වරයේ හිටියා. අනේ ඒක වැඩක් නැහැ රු 30000 ක් විතර හම්බුවෙනවා. එත් ගැහැණු ලිමයින්ට වැඩක් නැහැ. මත් හිතන් හිටියේ ඉස්සර වරාය නම් මරු කියලා. එත් මං එතනින් අයින් උනා. පිටමිනිස්සු වරාය ගැන හිතන විදිහ නෙමෙයි ඇතුලට ගිහාම තියෙන්නේ

කතාව 3 - රූපලාවන්‍ය
ගැහැනු ළමයි 1 - බලන්න අනේ මගේ මුනේ කලු ලප
ගැහැනු ළමයි 2 - ආ මගේත් ඉස්සර තිබුනා. දැන් නැහැ මං අරක ගෑවා.
ගැහැනු ළමයි 1 - මගේ පඩියෙන් බාගයක් ඉවරයි ඔය එක එක එව්වා කරලා. මට දැන් ඇති වෙලා
ගැහැනු ළමයි 2 - එහෙම කියන්න එපා. ඔයත් මේක අරං ගාලා බලන්න

දැන් මේ අමර් ස්ට්ට් හරිය. අද උදේ මහ වැස්ස. වැස්සත් එක්ක දෙන්න පොඩ්ඩක් මතෘකා මාරු කලා

කතාව 4 - වැස්ස
ගැහැනු ළමයි 1 - වෙලාවට අද මං කුඩේ ගෙනාවේ
ගැහැනු ළමයි 2 - මං නම් කුඩයක් අ‍රගෙනම තමයි කෙහෙ ගියත් යන්නේ
ගැහැනු ළමයි 1 - අනේ ඔයාට කියන්න, එදා වැස්සට මේ හරිය ඔක්කොම යට වෙලා. බස් එකේ රොද ගානට වතුර
ගැහැනු ළමයි 2 - ඇයි අනේ වතුර කලුපාට වෙන්නේ.. අර පංචිකාවත්ත හරියේ කලුම කලු පාටයි. එක්නම් කමක් නැහැ මොකද පරණ යකඩ තියනවනේ

කතාව 5 - සාලින්දගේ හා පියුමිගේ ආදර කතාව
ගැහැනු ළමයි 1 - එදෙන්නා ස/පෙළ කරන කලෙත් පොඩ්ඩ පොඩ්ඩ් එකට හිටිය
ගැහැනු ළමයි 2 - නැහැ අනේ සිගිරි ගිහින් ඔක උනේ. ඉන්න මං ඔයාට කතාව කියන්න. දවසක් අපේ පන්තියෙන් සිගිරි එක්ක ගියා. මුන්‍ දෙන්නා යනකොට වෙන වෙනම ගියේ. එත් වතුර නැතුවා පියුමිට ක්ලාන්තය හැදුනා. එතකොට ඉක්මනට උදව් කලේ සාලින්ද. මෙන්න් සිගිරියෙන් බහිද්දි මුන් දෙන්න එකට එනවා.
ගැහැනු ළමයි 1 - නැහැ අනේ ඒ දෙන්නා ඉස්සරත් යාලුවෙලා හිටියේ.
ගැහැනු ළමයි 2 - හරි මං කිවේ සිගිරි කතාව


කතාව 6 - සක්‍ය පන්ති ගිය හැටි
ගැහැනු ළමයි 1 - අනේ මං ඉස්සර පන්ති යනකොට හැමදාම පරක්කු වෙලා. යන ගමන්ම කැන්ටිමෙන් මොනවා හරි අරන්. සර් උගන්නකොට කනවා. පිස්සු ඇනේ
ගැහැනු ළමයි 2 - මාත් එහෙමයි කන්න නැත්නම් නිකන් ක්ලාන්තය වගේ. පාඩම වගේද කෑම

කතාව 7 -කොල්ලො පස්සෙන් එම
ගැහැනු ළමයි 1- මට හරි කරදරේ අරු පස්සෙන් එනවා
ගැහැනු ළමයි 2- ඇයි අනේ ඔයා ගනන් නොහෙන ඉන්‍නකො
ගැහැනු ළමයි 1 - මට උ දකිද්දි හිනා යනවා. උ හිතනා උට ඇති කැමැත්තට හිනා වොනවා කියලා. මං දවසක් උට බැන්නා. එත් එනවා. අනේ මුන්ට ලැජ්ජ නැහැනේ. ඇයි එහෙම පස්සේන් එන්නේ?
ගැහැනු ළමයි 2 - එකනම් ඇත්ත මොන එකකට එනවාද මන්දා


කතාව 8 - මාලය කඩා ගැනීම
ගැහැනු ළමයි 1 - මේ ලඟදි මං ජිම් එක ලඟින් යාලුවෙක් එක්ක එනකොට. එකෙක් ඇව්ත ම‍ගේ මලේ කඩා ගත්තා
ගැහැනු ළමයි 2 - ඈ ඉතින්
ගැහැනු ළමයි 1 - මම කැගැහුවේ නැහැ. එත් ජිම් එකේ‍ කොල්ලො ටික උව අල්ලලා ගහලා පොලිසියට බාර දුන්නා. මම මුකුත් කිවේත් නැහැ ඒත් උන් හිතලා මගේ මලේ කැඩුවා කියලා. ඊට පස්සේ තමයි හොරාව අල්ලලා තියෙන්නේ. ඊට පස්සේ අම්මා පොලිසි ගියා එත් අපි උසාවි ගියේ නැහැ. මලේ වටිනා කමට වඩා වැඩි කරදර වෙන්න ඔනා.
ගැහැනු ළමයි 2 - ඔව් අනේ වටින්නේ නැති මාලයක් නම්කමක් නැහැ. මම දැන් දාන්නේ ඔක්කොම ප්ලාස්ටික් එව්වා. ඇදුමට ගැලපෙන්න.


මගේ මතකයේ තියෙන්නේ ඔය කතා ටික විතරයි. තව නොයෙකුත් කතා කිව්වා. හැබැයි අපරදේ කියන්න බැහැ. හොදට ඇහුනා මොකද දෙන්නා කතාව හෙන හයියෙන්. මට බහිනකොට අහන්නත් හිතුනා. ඔයාලා මොන එෆ් එම් එකේද කියලා. අයිත් මොකට මගේ කට කියලා නිකං හිටියා. නුවර පාරේ යනවානම් බලාගෙන මම ගියොත් ඉතින් කතාව අහගෙන ඉදලා දානවා බ්ලොග් එකේ.

Monday, March 22, 2010

සවස පිරිත් පින්කම

අද දින සිරසට ප්‍රහාරයක් එල්ලවු බව සත්‍යයකි ... නමුත් පෙන්වු රුප රාමු පසුබ්ම් හඬපටය වුයේ පිරිත් දේශනවාක් හා බෙර වාදනයකි.

මෙය සවස ප්‍රයෝගික කාරණවක්ද?


සිරසට ප්‍රහාරය එල්ලවීම අපි අනුමත නොකරන්නෙමු එහෙත් මෙවන් අශිෂ්ඨ දර්ශණ පිරිත් හඬක් පසුබම් කර විකාශය කිරිම කොයි තරම් දුරට සදාචාරත්මකද? මෙයද සිදුවිය යුත්ත?

Sunday, March 21, 2010

වැප් දැන් නිදිය ගනිං

වැප් හෙට රස්සාවට යන්න තියනවා දැන් නිදා ගනිනං ...
හෙට උදේ 5.30 ට නැගිටලා
එල්ලෙන කෑලි පහ හොදගෙන
7 ට ගෙදරින් පිටත් වෙලා
8.15 වෙද්දි ඔෆිස් එකේ ඇඟිල්ල ගහලා,
පත්තර ටිකයි සිංහල බ්ලොග් ටිකයි බලලා
11 පොඩි බේක් එකක් අරං
එනගමන් උදේ අම්මා ඔතලා දුන්නු බත් එක පොඩ්ඩක් අතගාලා,
හරියටම 1.30 වෙදිදි බත් ගෙඩිය ගිලලා,
නිදිමත යන්නත් එක්ක අයිත් පාරක් පත්තර ටිකයි බ්ලොග් ටිකයි කියවලා,
4.15 බ්‍රේක් එකට 4 ඉඳලා ලැස්ති වෙලා,
පොඩි චැට් එකක් දානගමන් බිස්කටුත් කාලා,
5.30 අයිත් ඇඟල්ල තියලා ගෙදර එන්න ඔනා....

නොකිව්වාට ඔය අතරතේ වැඩ කොටියයි ඔෆිස් එකේ ....

දැන් පල නිදිය ගන්න බලන උබත් මේ වගේ තමයි

වැප්

Saturday, March 20, 2010

25 හෙන් උඩට එමේ සිහිනය බොඳ වි ගිය හැටි

ඉස්කොල දෙකකට තමයි ජීවිතේටම ගිහින් තියෙන්නේ. හැබැයි ඉගෙන ගන්න. පොඩි කලේ ගමේ ඉස්කොලේ. එකේ ඉතිහාසා කොච්චරද කිව්වේත් අපේ සියා, අම්මා දෙන්නම් එකේ අදි ශිෂ්‍යෙයො. කෙහොමින් කොහෙම හරි ශිෂ්‍යත්වය පාස් වෙලා ලොකු ඉස්කොලයකට ගියා. ලොකුයි කිව්වේ කොළඹ එකක් නෙමෙයි. අපේ දුටුගැමුණුගේ රාජධානිය වන කැළණිපුරවරයේ පාසලකට. ඔන්න දැන් මම වැටුන පන්තිය තමයි ඊ-E . අප්පට සිරි ඒ ඉස්කෝලේ E හා F කියන්නේ ශිෂ්‍යත්වයෙන් පාස්වෙලා එන බ්‍රයිට් කේස් ඉන්න පන්ති දෙක. බ්‍රරයිට් කේස් කියන්නේ බ්‍රරයිට්ම නෙමෙයි එච්චර බ්‍රරයිට් නම් ඉතින් කොළඹ ඒවාට යන්න එපැ. එත් වැපගේ තරමට එකේ ඉන්නේ බ්‍රරයිට් පොරවල්. තව දුරටත් විස්තර කරනවාන්ම් ඒ ඉස්කේලෙට ගිය දා ඉඳන් විභග වලන් 25 වෙනියාගෙන් පල්ලෙහා තමයි හිටියේ. කිවුහම මොකෝ ගමේ ඉස්කෝලෙත් හිටියේ ඔය ආසන්නයේම තමයි. කොහෙමත් අලුත ගිය පාසලේ පන්තියේ ලමයි 35 ක් විතර හිටියා. ඒ අතින් බලපුවාහම මට වඩා මැටි මොල්ලු ඉඳලා තියනවා.

හැමදාම පන්ති වර්තා පොත දෙන දවසට හිතෙන්නේ අනේ මාත් අනික් පන්තියක හිටියනම් අඩුමගනේ 25 න් උඩටවත් පැන ගන්නවා නේද කියලා. මොකද A,B,C,D යන පන්තිව ඉන්නේ ශිෂ්‍යත්වයෙන් පාස්වෙලා ආපු අය නෙමෙයි. ඔය විදිහට පන්තියේ 25 පල්ලෙහා කියන තැන එකදිගට රැක ගෙන ආව 8 වසරට වෙනකල්. මෙන් වැඩේ 9 පන්තියට යන කොට ළමයි මාරු කරනවා. ඒ කියන්නේ පන්ති කඩනවා. පොඩි පහේ හීන් සතුටක් අවා. මොකද දැන් වැඩේ හරි ළමයි කලවම් වෙනවා එතකොට මට පුලුවන් අනික් පන්තියකට යන්න. හිතපු විදිහටම වැඩේ උන කැඩුවා E පන්තියා. වැටුනා මාවයි තව එකෙකුයි B පන්තියට. ආ අමතක උනා තව කෙල්ලෝ දෙන්නෙකුත් අපිත් එක්කම අලුත් පන්තියට වැටුනා. දැන් ඔන් වැඩේ හරි, 25 මෙහාට පැන ගන්න පුලුවන්.

කොහොමත් ඉස්කොල වල මුල් වාරයේ වැඩ කෙරෙන්නේ නැහැ. ඒ කියන්නෙ විභාග තියන්නේත් ගුරැවරුන්ට් ඔනා විදිහට. ඒ හන්දා ඒ විභාගයේ එච්චර වැඩක් නැහැ කියලා හිතුනා. ඇයි මගේ හිත හදාගන්න එපායැ. මොකද කියනවා නම් 9 වසරේ මුල් වාරයේත් මම 25 න් පල්ලෙහා. අලුත් පන්තියක් උනාට මට වඩා දක්ෂයෝ මේකෙත් ඉන්නවා. එත් මං හිතුවා එකේ කොපි කරන්න පුලුවන් හින්දා උන් කොපි කරලා තමයි වැඩේ ගොඩ දාගත්තේ කියලා. හරි දැන් දෙවෙනි වාරය අවා එකේත් 25 න් පල්ලෙහා තුන්වෙනි වාරය අවා මට මතක විදිහට එකේදි 30 නුත් පල්ලෙහා ගියාද කොහෙද. දැන් ඉතන් මගේ සිහිනය බොඳ වෙලා ඉවරයි. අයේ මේ සම්මජාතියේ 25 න් මෙහා එන්න බැහැ. කොහෙම හරි 11 වසරට යනකල්ම මම 25 න් පල්ලෙහා.

මේක වෙන්න පොඩි පොඩි හේතුත් තියනවා. එකක් තමයි මගේ අකුරැ මාර ලස්සනයි. හරියට කියනවා නම් මුතු කැට වගේ එත් පොඩි පරහකට තියෙන්නේ ඒ මුතු කැට ටිකක් විතර එහෙන් මෙහෙන් ඇදිලා පැදිලා හොකර වෙලා ගිහින්. වෙන කිසිම අවුලක් නැහැ. තව දෙයක් තමයි වචන වල ඉස්පිලි පාපිලි නැහැ. ඒක නම් දැනුත් තියනවා. හොදට බැලුවොත් මේ ලිපියෙත් එහෙම එව්වා ඔන තරම් තියනවා. මගේ හිතේන් වචනේ ලියන්න ගන්නකොට ඉසිපිලි පාපිලි තියනවා එත් එව්වා පොතට ලියවෙනකොට මොකෙක් හරි එකෙක් මැද්දෙන් ඉදලා ඉස්පලි පාපිලි ටික උස්සනවා.

අනික් හේතුව තමයි මං කරන හැම වැඩක්ම හරිම පිළිවෙලයි. කොච්චර පිළිවෙලද කව්වොත් ගානක් හදාද්දි කටු සටහනත් තියෙන්නේ උත්තරේ අස්සෙමයි. බලන කෙනටත් ලේසියි මොකද උත්තරේ යටින් ඉරි දෙකක් තියනවා. කෙලින් ලස්සනට ඉරි දෙක විදන හින්දා ඉතා පැහැදිලිව උත්තරේ පෙනවා. ඒ අසලම එහෙම නැත්නම් උත්තරේ උඩින් කටු සටහන තියනවා. ගුරුවරුන්ටත් හරි ලේසියි මොකද කටුසටහනයි උත්තරෙයි බොහෝම පැහැදිලිව එකක් උඩින් එක්ක තියන විදිහට තියනවා. රචනා ලියද්දි ලස්සනට රෑල් අතර වචන ලියන්න පුලුවන්. කවදාවත් ඇදේට ලියවෙන්නේ නැහැ. කිව්වහාම මොකද සමහරදාට වක්‍යයක් කියවන්න යන කෙනාට පුලුවන් සිරිපාද කන්ද මුදුනත් බාලා ගන්න.

දන් මගේ දක්ෂ තා තමයි ලස්සන අකුරු, ඒකට ගැලපෙන ඉස්පිලි පාපිලි, ඊට දෙවෙනි නැහැ වැඩ වල පිලිවෙල. ඉතින් මම කොහෙමද මේ දක්ෂාතාත් එක්ක තවත් පහල හෙවත් 25 උඩට එන්නේ.

ඔන්න ඔහොමයි මගේ වෙනියා මට ඔනා විදිහට හදා ගත්තේ ..

වැප්


Sunday, March 14, 2010

ලීන් මැනිෆැක්චරිං - lean manufacturing

අපිට අපේ ක්‍රම තිබුණට පුරුදුවෙලා ඉන්නේ වෙනත් රටකින් එන එකක් බදගන්න. එහෙම උනට හොඳ දෙයක් නම් ගත්තට කමක් නැහැ. මතකනේ කාලයක් අපි එස් 5 [S - 5] ගැන කතා කලා. ලීන් මැනිෆැක්චරිං - lean manufacturing කියලා කියන්නෙත් ඒවගේ එකක්. පොඩ්ඩක් ගුගල් කලොත් ඔන තරම් විස්තර හොයා ගන්න පුලුවන්.

ලීන් මැනිෆැක්චරිං - lean manufacturing ලෝකයට හඳුන්වා දුනනේ ටොයොටා කම්පැණිය. මේහි අරමුණ වන්නේ කරන ඔනැම නිෂ්පාදනය නාස්තිය අවමකර ගැනීමයි. ඔනෑම නිශ්පාදන ක්‍රියවලික සිදුවන්නේ අමුද්‍රව්‍ය භණ්ඩ බවට පත් කරන එක හෝ යම් සේවාවක් බවට පත් කිරිමයි. මෙහිදි එම ක්‍රියවලියේ යම් යම් ස්තානවල පාවිච්චි කරන අමුද්‍රව්‍ය වලට මිලක් හෙවත් අගයක් එකතු කරනවා. එහෙත් යම් කිසි ක්‍රියාවන් තියනවා එසේ අගයක් එකතු නොවන අවස්තා. ලීන් මැනිෆැක්චරිං - lean manufacturing වලින් කරන්නේ අන්න ඒ කිව්ව මිලක් හෝ අගයක් එකතු නොකරන අනවශ්‍ය අතරමැදි අවස්තා ඉවත් කරන එකයි.

ටොයොටා සමාගම හඳුන්වා දීපු මෙම ක්‍රමයට කියනවා. ට්පිඑස් - TPS [ටොයොටා ප්‍රඩක්ෂණ් සිස්ටම් Toyota Production System] වැඩි විස්තර මෙතන තියනවා http://en.wikipedia.org/wiki/Lean_manufacturing

මෙහිදි එසේ අගයක් එක් නොකර අවස්තා පහත සඳහන් වෙනවා
1. අනවශ්‍ය ප්‍රවානය - Transportation
2. අනවශ්‍ය තොග - Inventory
3. අනවශ්‍ය චලනය - Motion
4. අනවශ්‍ය බලාසිටිම - Waiting
5. වැඩි ක්‍රියාවලි - Over Processing
6. වැඩි නිශ්පාදන - Over Production
7. කැඩිච්චා - Defects

කෙටියෙන් TIMWOOD ලෙස මෙම අවස්තා 7 හඳුන්වා දෙනවා. මේක ලංකාවට අලුත්මත් නැහැ. මෙම ක්‍රමය ලංකාවේ දැනට යොද ගන්නේ අඟලුම් ක්ෂේත්‍ර‍යේ. කවුරුත් දන්නාව අඟලුම් කිව්හම මාස්- MAS එහෙමත් නැත්නම් බැරැන්ඩික්ස් - Brandix තමයි ඉදිරි පෙළ ඉන්නේ. ඒ දෙකෙනුත් MAS ආයතනය තමයි ලංකාවට මෙම ක්‍රමය හඳුන්වලා දුන්නේ. මේහි නම තමයි MOS - Mas Operating System. මෙය සාර්තකව ක්‍රියත්මක වන එක් ස්තනායක් තමයි. බියගම ලිනිය ඉන්ට්මෝ කියන කර්මාන්ත ශාලාව [වැපත් කාලයක් හිටියා].

මෙම ක්‍රමය යොදා ගැනීමට ප්‍රදානම හේතුව තමයි නිශ්පාදන මිල අඩු කීරිම. චීනය තමයි ඇඟලුම් වෙලඳ පොල තුල වැඩි ප්‍රතිශතයකට හිම්කම් කියන්නේ. ඒ වගේම ඔවුන්ගේ ශ්‍රමයත් අඩුමිලට ගන්න පුලුවන්. ඉතින් අපි වගේ රටවලට එම තරඟකාරිතවයට යන්න තියන එකම ක්‍රමය තමයි නිශ්පාද මිල අඩු කරගන්න එක. වැදගත්ම දේ දැන් අපිට අර මොකක්ද ජිඑස්ට් ප්ලස් එහෙමත් නැහැනේ. ඒ අතින් ගත්තාහම MAS ආයතනය ඉදිරියෙන් ඉන්නවා මොකද අනාගත අභියෝග හඳුනගෙන වැඩ කරලා තියනවා.

මෙය එම ආයතනය තුල යොදා ගත් ආකරයා විස්තර ඇතුව ඊලඟ ලිපියෙන් දාන්නම්.... ඒ එක්ම මේක මේ අඟලුම් විතරක් නෙමෙයි පරිගනක පැත්තටත් අදාලයි... හිතලා බලන් පොඩ්ඩක් "අනවශ්‍ය බලාසිටිම" කොච්චර අපි කරනවාද කියලා


වැප්

Sunday, March 7, 2010

යන හැම තැනව මං අන්තිමයා

පූර්විකා
දන්නවානේ යන යන හැම ලිපියකම මං තමයි අන්තිමට කමෙන්ට් දාන තැනට පත්වෙලා තියෙන්නේ .. දුකේ බැහැ ..... උහුල ගන්න බැරි දුකට තමයි මේ ලියන්නේ


ආ දා පටන්
හැම තැනම ගියෙන්
දුන්නේ මගේ හදෙන්
සටහන් හිත හොඳින්

දැන් නැහැනේ වෙලාවක්
වෙන තැනක වෙන වැඩක්
කියවන්න වෙන දෙයක්
උනේ නැහැ සති දෙකක්

ඉස්පාසුවක් ආ හින්දා
ලිපි කිහිපයකක් බැලු හින්දා
සටහනුත් තිබු හින්දා
අනේ මං අන්තිමයා

අත ඇරියේ නැහැ වැඩේ
උනත් අන්තිමයා ඒ වැඩේ
කලා මං මගේ වැඩේ

කියවන්නට වෙලාවක්
අනේ මට වෙන කෙනෙක්
කියා දෙන්නට කලාවක්
බලන්නට ලිපි පෙළක්

මේ දවස් වලා කාල සටහන් මේන්න මෙහෙමයි

උදේ 5.30 ට - නැගිටිනවා
උදේ 8.15 ට - වැඩට ඉන්නවා
හවස 5.30ට - ගෙදර එන්න පිටත් වෙනවා
හවස 8.00ට - ගෙදර
හවස 8.30ට - කොම්පියුටරේ ඉස්සරහා
රාත්‍රි 12.30ට - නින්දට

ඉස්සර රැ 10 හෝ 10.30 ට නිදි, නැගිටින්නේ උදේ 6.30 ට විතර, දැන් ඔක්කොම කන පිට ...................... අඩුම ගානේ උදේ දවල් රැ කැවේ මොනවද කියලාවත් මතක නැහැ... මෙහෙම දිගටම යන්න බැහැ .... තීරණයක් ගන්න වෙනවා ....... වෙන මොනවා උනත් පැය පහ මාරක නින්දෙන් ඇති වැඩක් තියනවාද? මං ඒ කාලේ ඉඳන්ම හදා ගත්තු ක්‍රමයක් තිබ්බා මොන වැඩේ තිබුණත් රැ 12 පන්නන්නේ නැහැ කියලා. විභහග තියන කාලවලත් මං ඔක හොඳට ආරක්ෂා කලා. මෙච්චර කාලයක් ඒක උපරිමයෙන්ම කලා. අනේ මෙ පහු ගිය සති දෙකේම ඒ ප්‍රතිපත්කියටත් කෙල වෙලා ගියා ... මක් කරන්නද අනේ කලේ වනේ වසේ කව්වාලු ...

වැප්

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....